Posts

Feeling loved quotes

Image
දැනන නුඹෙ ආදරේ තරම් නුඹටම ආදරේ කරන තරම් නුඹවත් දන්නෙ නැති තරම්...... මගේ මේ හද ගැහෙන තරම් හෙමිහිට හුස්ම ගන්න තරම් නුබ වත් දන්නෙ නැති තරම්...... නුඹ ගේන සැනසීම මෙතරම් රිදුවුම් පවා සනසන තරම් නුඹවත් දන්නෙ නැති තරම්..... මැවි මැවී පේන නුබ මනරම් ඔය රුව සිතුවම් කරන තරම් නුඹවත් දන්නෙ නැති තරම්..... කවි පද වල නුඹ ඉන්න තරම් සීතල රෑක උණුසුම නුඹ ගේන තරම් නුඹවත් දන්නෙ නැති තරම්...... බලන නුඹ මං ගැන මෙතරම් හොයන තරමට නුඹ ගැනම ඒ තරම් නුඹවත් දන්නෙ නැති තරම්..... ඇත්තටම නුඹෙ උණුසුමේ හංගං නුඹ මේ දෙන ආදරේ තරම් නුඹවත් දන්නෙ නැති තරම්.......

Sad love quotes

Image
හිත පාරලා රිද්දන්න කොට නොකිව්වට නුඹත් දුක හිරකරන් ඉන්න ඇති.... කේන්තියට එපාවී බැන්නට නොකිව්වට නුඹටත්  මාව අතහැරම ඉන්න අමාරු ඇති....  පාලු මකන මහ රෑ අඳුරට  නොකිව්වට නුඹෙත්  කඳුළු කෑගසමින් පුපුරන්න ඇති.... නුඹෙ සිතට මට අඟුළු දැම්මට  නොකිව්වට නුඹත්  මගේ ආදරේට ආදරේ ඇති......

first sight love quotes

Image
දුටුදා නුඹව මුල්වරට  ඇඳුණු දසුන හද පතුලේ ඇත.... සිප ගත් විට ඒ දසුන දැනෙන හැඟුම සුන්දරය... හැඟෙන විට මේ ආදරය  හොයන සතුට නුඹගෙන් ය.... මදකටවත් වෙන් වෙන්න හිතන්න බෑ අද මට..  මගේ කාලයන් අද නුඹම විය මේ පැතුම මගේ ආදරය......

long distance relationship

Image
අත් පටලන් හිටිය තැන් වල ආදරේ තිබුනානම් හිත් පටලන් ඉන්න තැන්වල ආදරේ කොහොම ඇතිද?  නුඹ ලග නැති තැන් වලත්  අපමණ ආදරයක් ඇත්නම්  නුඹ ලඟ ඉන්නකොට ඇත්තටම ආදරේ කොහොම ඇතිද?